Home Hit ”රනිල්, සුමන්තිරන්ගේ අවශ්‍යතා ඉටුකරනවා” – මධ්‍යම පළාත් අාණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

”රනිල්, සුමන්තිරන්ගේ අවශ්‍යතා ඉටුකරනවා” – මධ්‍යම පළාත් අාණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

334
0

තනි ආණ්ඩුවක් ඉල්ලා සිටි රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය අද වන විට ජාතික ආණ්ඩුවකට යෑමට සැරසීමෙන් එජාප පාක්ෂිකයින් තවදුරටත් පීඩාවට පත්වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න කියා සිටිනවා.

නාඋල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරැන් හා මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශිය සභා සභාපතිවරැන් හා මන්ත්‍රිවරැන් හමුවීම සදහා ඊයේ (12) නාඋල ප්‍රාදේශිය සභාවේ පැවති උත්සවයකින් අනතුරැව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පාක්ෂිකයින් පැහැදිලිවම තනි පක්ෂයක් සහිත ආණ්ඩුවක් ඉල්ලා සිටින අවස්ථාවක රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ආණ්ඩුවකට යෑම හරහා සිදුකරන්නේ TNA පක්ෂයේ සුම්න්තිරන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමක් බව ද හෙතෙම කියා සිටියා.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමග එක්වෙමින් මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු,

”අද වන විට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට තැනක් නැහැ. ඒ පාක්ෂිකයින්ට අද හඩක් නැහැ. ඒ හඩ අද දිලා තියෙන්නේ TNA පක්ෂයට. TNA පක්ෂය අද මොකද කරන්නේ, සිංහල ජනතාවයි දෙමල ජනතාවයි තරහා කරගෙන ඔවුන්ගේ දේශපාලනය කරන්න තමයි ඔවුන්ගේ අභිප්‍රාය. ඒ නිසා මේ ජාතික ආණ්ඩු සංකල්පයට අපි විරැද්දයි. ජාතික ආණ්ඩුවක් පිහිටුවනවානම් පාර්ලීමේන්තුවේ තියෙන ලොකු පක්ෂයක් සමග එය සිදුකළ යුතුයි. මේ තනි පුද්ගලයෙක් සමග ජාතික ආණ්ඩු පිහිටුවලා මේ රටට ද්‍රෝහිකම් කරන්න එපා. ප්‍රෝඩාකම් කරන්න එපා. මේ රටේ ජනතාවට වංචාවන් කරන්න එපා කියලා අපි පැහැදිලිවම අපි රනිල් වික්‍රමසිංහ මහත්තයටයි ඔක්කොටමයි ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි.

ජනතාවගේ ප්‍රශ්න තොරැම් නොගත් නිසා තමයි එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම විපක්ෂයේ ඉදලා තියෙන්නේ. මේ සැරේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධීපතිතුමා හින්දා ආණ්ඩු පක්ෂයට එකතු වෙලා තියෙනවා. පළාත් සභා මැතිවරණය කල්දාන්නේ වෙන කවුරැත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයගේ නායකත්වය. ඒ නිසා පළාත් සභා තමයි කලින්ම තියන්න ඕනේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කලබල වෙන්න එපා, ඒක වෙලාවට ජනාධිපතිතුමා තියයි. එත් ජනාධීපති මැතිවරණයක් ඉල්ලලා කවුරැත් බලපෑම් සිදුකරලා නැහැ. අද වන විට ක්‍රියාත්මක නැති පළාත් සභා 06 ක් තියෙනවා. එවගේ බලය තියෙන්නේ ආණ්ඩුකාරයින්ට. ඒ වගේම මම කියන්න ඕනේ මධ්‍යම පළාත තුළ කවුරැ හෝ දූෂන චෝදනා වලට ලක්වෙලා කියලා බේරගන්න මම හොයාගෙන එන්න එපා. කවදාවත් ඒ්ක ඉටුවෙන්නේ නැහැ.”

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here