Home Hit පේරා සහ මොරටු සරසවි ශාඛාවන් මාලදිවයිනට

පේරා සහ මොරටු සරසවි ශාඛාවන් මාලදිවයිනට

1137

පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාල වල ශාඛාවන් මාලදිවයිනේ පිහිටු වීමට එම රටේ ජනාධිපති එකඟත්වය පළ කර තිබෙනවා.

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ශාඛාවන් පිටරටක පිහිටුවීමට ලැබීම, ලංකාවේ අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමට ලැබුණු අවස්ථාවක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

මහනුවර යහලතැන්න මුස්ලිම් විද්‍යාලයේ පැවති ක්‍රීඩා උත්සවයේ දීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ.

මාලදිවයිනේ ජනපති ඊබ්‍රහිම් සෝලි ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික දින සැමරුමේ ආරාධිත අමුත්තා ලෙස එක්වූ අතර එහිදී පැවැති සාකච්ඡාවලදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා මාලදිවයිනේ තනි දූපතක් ලබාදීමටත් නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි සිටින ශිෂ්‍යශිෂ්‍යාවන් මුල් අවුරුදු දෙකේ මාලදිවයින් ශාඛාවෙන් අධ්‍යාපන කටයුතු හදාරා අවසන් අවුරුදු දෙකේ ශ්‍රී ලංකාවට පැමිණ එම පාඨමාලාව සම්පූර්ණ කළ යුතු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here