Home Local ජිනීවා වලට ලංකාව ගැන තවත් යෝජනාවක්

ජිනීවා වලට ලංකාව ගැන තවත් යෝජනාවක්

779

ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්ලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බව එංගලන්තය පවසයි..

ලංකාවේ වගවීම, ප්‍රතිසන්ධානය හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මාතෘකා යටතේ ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා එංගලන්තය සමග කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව හා මොන්ටිනෙග්‍රෝ යන රටවල් අනුග්‍රහය දැක්වීමට නියමිත බව සදහන්ය .

අදාළ රටවල් මිට පෙරත් 2015 වසරේදී ශ්‍රීලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළේය. එයට ශ්‍රී ලංකාව සමඅනුග්‍රහය දැක්වුහ .
ශ්‍රීලංකාව සම්බන්ධයෙන් පවතින 30/1 යෝජනාවලියේ සඳහන් කරුණු තවදුරටත් අඛණ්ඩව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. නව ඒකාබද්ධ යෝජනාවලිය සඳහාද මානව හිමිකම් කොමිසමෙන් සහායලැබෙනු ඇතැයි එංගලන්තය නව යෝජනාවලිය පිළිබඳ සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සඳහන් කර සිටි..

ලංකාවට අමතරව තව දකුණු සුඩානය හා සිරියාව පිළිබඳවද මේ ආකාරයේ ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්ය.

මෙම සැසිවාරය පෙබරවාරි 25 වැනිදා සිට මාර්තු 22 වැනිදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here