Home World ගුවන් ගමන් පැය 24කට නවතියි

ගුවන් ගමන් පැය 24කට නවතියි

846
0

වැඩවර්ජනයක් හේතුවෙන් බෙල්ජියමේ සියලු ගුවන් ගමන් පැය 24කට අවලංගු කෙරෙන බව එරට ගුවන් ගමන් පාලන ඒකකය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අද (13) දිනය පුරා එලෙස ගුවන් ගමන් අත්හිටුවනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෙල්ජියමේ ප්‍රවාහන කේෂත්‍රයට සම්බන්ධ ප්‍රධාන වෘත්තිය සමිති 03ක් වර්ජනය කැඳවා ඇති බවයි.

වැටුප් වර්ධක ලබාගැනීම, ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප් වැඩිකරගැනීම අරමුණු කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වනවා.

බෙල්ජියම් රජයේ සහ හමුදාවේ ගුවන්යානාවල ගුවන් ගමන්වලට ඉන් බලපෑමක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here