Home Local උතුරු මැද තක්සේරු නිලධාරීන්ගේ හිඟයක් – ව්‍යාපෘති රැසක් ප්‍රමාදයි

උතුරු මැද තක්සේරු නිලධාරීන්ගේ හිඟයක් – ව්‍යාපෘති රැසක් ප්‍රමාදයි

317
0

නව සංවර්ධන ව්‍යාපෘතීන් වල ප්‍රමාදයන් සදහා උතුරු මැද පළාතේ තක්සේරු නිලධාරින්ගේ හිගය බලපා ඇති බැවින් පහළ යාං ඔය හා පොලොන්නරුවේ සංවර්ධන කටයුතු සදහා අත්පත් කරගත් ඉඩම් 2300කට පමණ තවමත් තක්සේරු කර වන්දි ප්‍රදානය කිරීම ප්‍රමාද වී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

දැනට උතුරු මැද පළාතටම තක්සේරු නිලධාරින් 12 දෙනෙකු පමණක් සිටින බවත් ඉන් 06දෙනා බැගින් දිස්ත්‍රික්ක 02හි රාජකාරි බෙදාගෙන කටයුතු කරන බවත් දැනගන්නට ලැබී තිබෙනවා.

මේ වනවිට පොලොන්නරුව නගරයේ ඉඩම් කට්ටි 1044ක් හා පහළ යාං ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන ජනතාවගේ ඉඩම් කට්ටි 1250ක් පමණ තක්සේරු කර වන්දි පිරිනැමීමට අවශ්‍ය වුවත් නිලධාරි හිගය හේතුවෙන් මෙය වසර 02ක් පමණ ඇදි ඇදී පවතින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබදව උතුරු මැද පළාත් ප්‍රධාන තක්සේරුකරු ඩී.ඩී.එච්.එස්.මාම්පේගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැන්නක්.

“ඇත්ත. අපට නිලධාරින් ඉන්නේ 12 දෙනයි. ඒ 12 දෙනාම තමයි එල්.එම්,නිවාස කුලී,බදු ආදී සියලු කටයුතු කරන්න ඕන. ඊට අමතරව එකවරම මෙහෙම පොලොන්නරුවෙත් පහළ යාං ඔයෙත් ඉඩම් කට්ටි 2500 කට කිට්‍ටු ගණනක් ආවාම ඒක කරගන්න කාලයක් ගත වෙනවා. දැන් අපි එහි ගොඩක් වැඩ කටයුතු කර අවසන්. තවත් සති දෙකතුනක් ගත වේවි. මූලික කටයුතු අවසන්. පොලොන්නරුවේ ඉඩම් කැබලි 180ක් විතර ආපහු යැව්වා. දෝෂ නිවැරදි කරන්න. කඩිනමින් මේ කටයුතු අවසන් කරන්න උත්සාහ කරනවා.”

රොෂාන් තුෂාර තෙන්නකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here