Home Hit ඉර පායන දර්ශනයට සීගිරිය විවර වෙයි

ඉර පායන දර්ශනයට සීගිරිය විවර වෙයි

751
0

ලෝක උරුම සංචාරක භූමියක් වන සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්හට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වනදා සිට උදෑසන 6.30ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

මීට පෙර සීගිරියට නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුවේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා වූ කාල සීමාව තුල බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත කියා සිටියේ.

බොහෝ විදේශික සංචාරකයන්ගේ ඉල්ලීම පරිදි එම කාලය වෙනස් කොට පෙරවරු 6.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඇතුළත් වීමට අවශ්‍ය ඉඩකඩ සපයා දීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී අත්හදා බැලීමෙන් පසුව අලුයම 05ට සීගිරිය නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී ඇතැයි මේජර් අනුර නිශාන්ත වැඩිදුරටත් සඳහන් කර සිටියා.

බොහෝ විදේශීය සංචාරකයන් අලුයම් කාලයේ සීගිරි පව්වට නැග ඉර පායන දර්ශනය නැරඹීම සඳහා දැඩි කැමැත්තක් දක්වන බවත් ඒ සඳහාම සීගිරියට පැමිණෙන බව ඔහු සඳහන් කර සිටියා.

දැනට අතිවිශාල සංචාරකයන් පිරිසක් සිගිරි නැරඹිම සඳහා පැමිණෙන බවද පෙරවරුවේ 09 ත් 11ත් දැඩි තදබදයක් පවතින නිසා එම තත්ත්වය අවම කොට සංචාරකයන්ට කරදරයකින් තොරව සිගිරි නැරඹිමට අවස්ථාව උදාකර දීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද එකඟත්වය පරිදි විෂය භාර ඇමති සජිත් ප්‍රේමදාසගේ අනුමැතිය ලබාදුන් බවයි හෙතෙම සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here