Home Hit අමල් මධූෂ් හා නාලක සිල්වා අතර සබඳතාවක් ?

අමල් මධූෂ් හා නාලක සිල්වා අතර සබඳතාවක් ?

518
0

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධූෂ් හා ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා සමග හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වූයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටි .

ඒ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පරීක්ෂණය සිදුකරනුවේ ජාත්‍යන්තර පොලීසිය හරහා බව ඔවුහු පැවැසූහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.

2016 වසරේදී ගායන ශිල්පි අමල් පෙරේරා හා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර සබඳතාවක් පැවැතී ඇතැයිද මෙහිදි සඳහන් කෙරුණු අතර
නාලක ද සිල්වා මහතා නැවතත් එළැඹෙන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here