Home Local සූදු ක්‍රීඩා කිරීමට ගොස් සිටි පුද්ගලයෙකු අතුරුදහන්

සූදු ක්‍රීඩා කිරීමට ගොස් සිටි පුද්ගලයෙකු අතුරුදහන්

245
0

මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කිරීමට ගොස් සිටියදී පුද්ගලයෙකු අතුරුදහන්වීමේ සිද්ධියට සැකපිට ධීවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇති හලාවත කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා එම අයව මාරවිල පොලීසිය බාර දී තිබෙනවා.

අතුරුදහන්වී ඇත්තේ හලාවත පොලිස් වසමේ ඉරණවිල – අඹකදවිල පදිංචිව සිටි වාසල මොහොට්ටිලාගේ රංජිත් ගාමිණී පුෂ්ප කුමාර නම් අයෙකි.

පසුගිය දෙසැම්බර් මස 31 වනදා තම සැමියා මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කිරීම සදහා යැයි පවසා තොඩුවාව ප්‍රදේශයට ගිය නමුත් ඔහු ආපසු නිවසට නොපැමිණි බව අතුරුදහන්වී ඇති අයගේ බිරිද වන පත්තප්පෙරුම ආරච්චිලාගේ ජසන්තා යන අය මාරවිල පොලීසියට පැමිණිළි කරමින් සදහන් කර තිබෙනවා.

මාරවිල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශණය කරමින් සිටින අතරතුර හලාවත කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය විසින් සැකපිට පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

50 හැවිරිදි එම සැකකරු කුමාරකට්ටුව – එළිවිටිය ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීම් මේ වන විට ආරම්භ කර ඇති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරනු ලබනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here