Home Local සියදිවි හානිකරගත් තරුණිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා විරෝධතාවයක් – PHOTOS

සියදිවි හානිකරගත් තරුණිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා විරෝධතාවයක් – PHOTOS

354
0

හැටන් නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක හෙදියක් ලෙස සේවය කල සේවිකාවක් එම වෛද්‍ය මධ්‍යස්ථානය තුලදි සියදිවි හානි කරගැනිම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස බල කරමින් වතුකරයේ සිවිල් සංවිධාන කිහිපයක් අද (12) හැටන් දික්ඔය නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

මෙම තරුණිය ඉකුත් මස 03 වනදා ඇගේ ඥතින්ට දුරකථන හඩ පටයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා හොද චරිතයකින් යුක්ත අයෙකු නොවන බවත්, තමන්ට එම වෛද්‍යයවරයාගෙන් ලිංගික අතවර සිදුවීම නිසා තමන්ට සමාජයට මුහුණ දිමට නොහැකි තත්ත්වයක් මත තමා ආතතියට ලබා ගන්නා ඖෂධ පෙති 90 පානය කර සියදිවි හානි කර ගන්නා බවයි.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථායේදි සියදිවි හානි කරගෙන තිබුණේ තලවකැලේ, වටගොඩ ප්‍රදේශයේ පදිංචි එස්.ශාන්තිනි නැමති 23 හැවිරිදි තරුණියකි.

මෙම තරුණිය සේවය කල වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා කොටගල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා වශයෙන් සේවය කරන අතර ඔහු දික්ඔය මුලික රෝහලේ කෙටි කාලයක් රෝහල් අධිකාරිවරයා වශයෙන්ද කටයුතු කර තිබෙනවා.

තරුණිය සියදිවි හානි කරගැනිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය විසින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එම තරුණියගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යය ඉනෝකා රත්නායක විසින් මියගිය තරුණිගේ ඥතින්ගේ එකගතාවය මත පශ්චාත් මරණ පරික්ෂණ පැවැත් වු අතර එම පශ්චාත් මරණ පරික්ෂණයේදි ඇය කිසිදු ලිංගික අතවරයකට පත් වි නොමැති බවත් එම මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ලබාදෙමින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා නියෝගයක්ද නිකුත් කර තිබුණා.

උද්ඝෝෂණයේ නියැලි සිටි සිවිල් සංවිධාන සමජිකයන් කියා සිටින්නේ එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය වෛද්‍යවරයාව නිතියේ රැහැනින් මුදවා ගැනිම සදහා අදාල වගකිය යුත්තන් කටයුතු කල බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් අධිකරණයෙන් හෝ සාධාරණයක් ඉටුකර දෙන ලෙස උද්ඝෝෂනයේ නියැලි සිටි සිවිල් සංවිධාන ඉල්ලා සිටිනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here