Home Local ශ්‍රී ලංකාව රුසියාවෙන් MI – 17 හෙලිකොප්ටර් මිලදී ගැනීමට සාකච්ඡා

ශ්‍රී ලංකාව රුසියාවෙන් MI – 17 හෙලිකොප්ටර් මිලදී ගැනීමට සාකච්ඡා

362
0

MI – 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා රුසියාවෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වමින් සිටින බව රුසියානු ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක ප්‍රකාශ කර සිටිනවා.

ජගත් සාම සාධක මෙහෙයුම්වල නිරතවීම සඳහායි ලංකාව මෙම හෙලිකොප්ටර් යානා මිලට ගැනීමට සුදානම් වන්නේ.

ශ්‍රී ලංකාව 1990 වර්ෂයට පෙර සිටම MI – 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මිලදී ගෙන තිබෙනවා.

ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් මෙම හෙලිකොප්ටර් භාවිත කරනවා.

භාණ්ඩ ප්‍රවාහන, මගී ප්‍රවාහන, සෝදිසි මෙහෙයුම්, මුදා ගැනීම් මෙන්ම ගිනි නිවන කටයුතු වැනි දෑ සඳහා භාවිත කළ හැකි අයුරින් MI – 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා නිෂ්පාදනය කරනු ලබනවා.

MI – 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමට සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ශ්‍රී ලංකාව රුසියාවෙන් මෙම හෙලිකොප්ටර් යානා කොපමණ මිලට ගන්නවාද යන්න පිළිබඳව නිශ්චිතව තීරණය කර නොමැති බවත් රුසියානු ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here