විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (12) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රේගු භාරයට ගෙන තිබෙනවා.
මොහු 41 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
ඔහු අද උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ EK – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
ඉන්පසු එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම පුද්ගලයා සහ දුම්වැටි තොගය මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු විසින් ගෙන ආ ගමන් මලු තුළ රුපියල් 16,28,000 (දහසය ලක්ෂ විසි අට දහසක්) ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 29,600ක් අඩංගු දුම්වැටි කාටූන් 148ක් සගවා ගෙන සිටි බැව සඳහන්.
ටී.කේ.ජී.කපිල