හිටපු සුපිරි ක්රීඩක මුත්තයියා මුරලිදරන් හා ජනපති මෛත්රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් පසුගිය දිනෙක රාත්රියේ ජනාධිපති නිවසේදී සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
ජනපති හා මුරලිදරන් පමණක් සහභාගී වූ අතිශය පෞද්ගලික හමුවක් වූ මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේ වතුකර ඡන්ද හැසිරීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.
වතුකර ජනතාවගේ රුපියල් 1000/- වැටුප් ඉල්ලීම ඉටුකර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා ඇති මුරලිදරන් එම ඉල්ලීම ඉටු කළහොත් ජනාධිපතිවරයාට වතුකරයෙන් යහපත් ප්රතිචාර ලබාදීමට තමන් මැදිහත් වන බව ප්රකාශ කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා මුරලි විසින් කරන ලද ඉල්ලීමට මැදිහත්ව ක්රියාකරන බවයි ප්රකාශ කර ඇත්තේ.