Home Hit මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසගේ තීරණාත්මක තීන්දුව අද

මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසගේ තීරණාත්මක තීන්දුව අද

470
0

ඩුබායි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 31 දෙනා එරට නීතියට අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් වන තීන්දුව අද (12) ලබාදීමට නියමිතයි.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පොලීසිය වෙත කරුණු දැක්වීම සඳහා ඩුබායි රාජ්‍යය වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න සඳහන් කර සිටින්නේ ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස, ඇප ලබා දෙන ලෙස හෝ මෙරටට පිටුවහල් කරන ලෙස අද දිනයේදී ඩුබායි පොලීසිය වෙත කරුණු දක්වන බවයි.

එමෙන්ම ඩුබායිහිදි අත්අඩංගුවට ගැණුුනු මාකඳුරේ මධූෂ් සමඟ සිටින ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට පොලිස් විමර්ශන වලදී හෙලිවී තිබෙනවා.

එම, විමර්ශන මේ වන විට අවසන් කර ඇති අතර, අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශීල්පි රයන් වැන්රෝවන් ඇතුළු සැකකරුවන් 31ක් දෙනා මේ වන විට බර් – ඩුබායි පොලිස් සිර මැදිරියේ රඳවා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here