Home Local බලපත්‍ර නැතුව මින්පස්සේ යන්ත්‍රවලින් ගස් කපන්න බැ -ජනාධිපති

බලපත්‍ර නැතුව මින්පස්සේ යන්ත්‍රවලින් ගස් කපන්න බැ -ජනාධිපති

499

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගස් කැපීමට භාවිත කරන කුඩා ප‍්‍රමාණයේ චේන්ෂෝ යන්ත‍්‍රවල සිට විශාල ප‍්‍රමාණයේ යන්ත‍්‍ර දක්වා සියලු යන්ත‍්‍රවලට අනිවාර්යයෙන් බලපත‍්‍රයක් ලබාගත යුතු බවට නව චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට යන බව පවසා සිටියේය .

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (11දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අතරතුරය .

මින් මතුවට මෙවැනි යන්ත‍්‍ර ළග තිබෙන පුද්ගලයන් මෙම පෙබරවාරි 15 වනදා සිට මාර්තු 01 වනදා දක්වා කාලය තුළ එය ළගම තිබෙන පොලිසියට වාර්තා කළ යුතු වෙනවා.තවද සෑම පොලිස් ස්ථානයක්ම තම බලප‍්‍රදේශය තුළ එවැනි යන්ත‍්‍ර ළඟ තිබෙන පුද්ගලයන් පිළිබඳ නාම ලේඛනයක් පවත්වාගෙන යා යුතුය . ඉන්පසු එම යන්ත‍්‍ර සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමට පියවර ගැනේ.

බලපත‍්‍රයක් රහිතව යන්ත‍්‍ර පරිහරණය කරන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බව ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here