Home Local පොලීසිය ඇතුලේ කාන්තාවකට පිහියෙන් අනි

පොලීසිය ඇතුලේ කාන්තාවකට පිහියෙන් අනි

481
0

කාන්තාවක් වෙන්නපුව පොලීසිය තුළදි පිහි ඇනුමකට ලක් ඇත .එහිදී සිදුවූ බරපතල තුවාල නිසා ඇය මාරවිල රෝහලට ඇතුළු කර තිබේ.

එම කාන්තාව අද (12) තවත් පුද්ගලයකු සමඟ පොලීසියට පැමිණ ඇති අතර ඔවුන් මීට පෙර කළ පැමිණිල්ලක විභාග කටයුත්තක් සඳහා එලෙස පැමිණ තිබු බව පොලීසිය පවසයි.

ඔවුන් පොලීසියට පැමිණ සිටින අවස්ථාවේදී එම කාන්තාව සමඟ වසර කිහිපයකට පෙර ජීවත් වු බව පැවසෙන පුද්ගලයකුද පැමිණ සිටි ඇති අතර ඔහු මෙම පිහි ඇනුම සිදු කළ බව පොලීසිය කියයි. ඔහු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.

පිහි ඇණුම සිදු කර පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙලෙස බරපතල තුවාල ලැබූ කාන්තාව වයික්කාල ප‍්‍රදේශයේ උළු කර්මාන්තශාලාවක සේවය කරන 40 හැවිරිදි එක්දරු මවකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here