Home Hit ”කොකේන් බොන ඇමැතිවරුත් ඉන්නවා” – රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක

”කොකේන් බොන ඇමැතිවරුත් ඉන්නවා” – රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක

1029
0

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ පූර්ණ වගකීම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) මහනුවර – කුරුණෑගල අධිවේගී මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ, ජනපති මෛත්‍රීපාල සිරිසේනටත් එහි ගෞරවය යා යුතු බවයි.

මධූෂ්ව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වසර එක හමාරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එසේම කොකේන් පානය කරන කැබිනට් අමාත්‍යවරු පවා සිටින බවත් මත්කුඩු ව්‍යාපාරිකයන් තමන්ට විරුද්ධව නඩු දමා ඇති බවත් මත්කුඩු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් තමන් ගනුදෙනු නොකරන බවත් ඔහු කියා සිටියා.

දේශපාලකයන් මධූෂ් සමග සම්බන්ධ බවයි අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here