Home Entertainment කිසිම දිනක පාසල් ගොස් නැති ලෝකයටම බලවත් රැජිනගේ කතාව

කිසිම දිනක පාසල් ගොස් නැති ලෝකයටම බලවත් රැජිනගේ කතාව

623
0

අපි කවුරුත් වයස අවුරුදු 05, 06 වෙද්දි පාසල් යන්න පටන් ගන්නවා. මේ පාසල් ගමන ඉවර වෙන්නේ අවුරුදු 12කට හි 13කට පස්සෙයි.

හැබැයි බ්‍රිතාන්‍ය රැජන කිසිමදාක ඉස්කෝලෙ ගිහින් නැහැ. දැන්නම් බ්‍රිතාන්‍ය රාජකීයයෝ ඉස්කෝලෙ යනවා, සාමාන්‍ය ළමයි එක්ක ගැවසෙනවා වුණාට, දෙවැනි එළිසබෙත් රැජනත් ඇගේ සොයුරිය මාග්‍රට් කුමරියත් ඉගෙන ගත්තේ ගෙදරට ගෙන්වපු ගුරුවරුන්ගෙනුයි.

මේ කුමාරිකාවන් ව්‍යවස්ථා ඉතිහාසය සහ නීතිය වගේ තමන්ට ඉදිරියේදී වැදගත් වන විෂයන් වැඩිපුර හැදෑරූ බවත් අහන්න ලැබෙනවා. හැබැයි ඉතින් ඉස්කෝලේ නොගිය නිසා රැජනට කවදාවත් ඉස්කෝලේ යාළුවෝ කියලා පිරිසක් නැති බවයි සඳහන් වන්නේ.

ඒ වගේම රැජිනට බ්‍රිතාන්‍ය රාජකීයයන් පාස්පොට්, රියැදුරැ බලපත්‍ර වගේ දේවල් ඉබේම ලැබෙනවා.

දෙවැනි ලෝක යුද්ධ කාලෙ ට්‍රක් රථ රියැදුරෙකු විදිහට ස්වේච්ඡා සේවයේ යෙදුණත් දෙවැනි එළිසබෙත් රුජන කිසිදාක රියැදුරු පරීක්ෂණයකට (Driving Test) එකකට මුහුණ දීලා නෑ. වයස අවුරුදු 92ක් වන රැජන තවමත් ඉඳහිට තමන්ගේ ලෑන්ඩ් රෝවර් රථය පැදගෙන එහා මෙහා යනවා.

ඒ විතරක් නෙමේ, බ්‍රිතාන්‍ය රුජන කවදාවත් ආදරවන්තියක් ලෙස කාලය ගතකරලා නැහැ. ඈට පිලිප් කුමාරයාව හමුවන්නේ තමන් වයස 18වත් සම්පූර්ණ නොවුණු කාලයකදීයි. හැබැයි රැජින වයසෙන් බාල වුණු නිසා දෙදෙනාට ආදරවන්තයින් ලෙස ප්‍රකාශ කිරීමට සිද්ධ වුණේ රැජිනගේ වයස අවුරුදු 21 සම්පූර්ණ වුණාට පසුවයි.

ඡන්දය කියන්නේ අපි හැමෝටම තියෙන අයිතියක්. හැබැයි බ්‍රිතාන්‍ය රැජන කවදාවත් ඒ අයිතිය පාවිච්චි කරලා නැහැ. ඒ සඳහා ඇයට නීතියෙන් බාධාවක් නැති වුණත් රාජ්‍ය නායිකාව විදිහට දේශපාලන කටයුතුවලදී පක්ෂග්‍රාහී වීමට අවසර නැහැ. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා සතියකට සැරයක් රැජින මුණගැසී අලුත් දේශපාලන තොරතුරු ඇයට වාර්තා කිරීමේ සම්ප්‍රදායක් පවතිනවා.

රැජන කවදාවත් රස්සාවක් කරලා නැහැ. උදේ 9 ඉඳන් හවස 5 වෙනකල් කරන රස්සාවක් රැජනට මොකටද කියලත් සමහරු ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් දෙනෙක් අත්විඳින ඒ අත්දැකීමත් රැජනට මඟහැරිලා ගිහින් තියෙන බව කියන්න ඕනෙ.

රජ පවුලේ සමහර සාමාජිකයන් ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ මාධ්‍ය පාවිච්චි කළාට රැජනට කවදාවත් ෆේස්බුක් වගේ සමාජ ජාල ගිණුමක් තිබිලා නැහැ. හැබැයි රහසිගත ගිණුමක් පවත්වාගෙන යනවාද කියලා මෙතෙක් සොයාගෙන නැති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here