Home Local වන්නි යුධ හමුදාවෙන් නිවාස නොමැති පිරිසකට නිවාස ඉදිකිරීම අරඹයි – PHOTOS

වන්නි යුධ හමුදාවෙන් නිවාස නොමැති පිරිසකට නිවාස ඉදිකිරීම අරඹයි – PHOTOS

314
0

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ මැදිහත්වීම මත වවුනියාව හා වැලිඔය ප්‍රදේශයේ ස්ථිර නිවාස නොමැති පවුල් 02ක් වෙනුවෙන් ස්ථිර නිවාස සැදීම වෙනුවෙන් මුල්ගල තැබීම ඊයේ (10) සිදුකරනු ලැබුවා.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරාගේ සංකල්පයක් යටතේ වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේ පදිංචි නාගරාසා මූර්ති හා වැලිඔය, සපුමල්තැන්න ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක ප්‍රදීප් කුමාර වෙත ස්ථිර නිවාස සැදීමට මුල්ගල තැබීම එහිදි සිදුකරනු ලැබුවා.

වන්නි ආරක්ෂක සේනා අඥාපතිවරයාගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා 61 හා ‍61 සේනාංක නිළධාරීන් විසින් නිවාස සකස් කිරීමට නියමිතයි.

නිවස ඉදි කිරිමට මූල්‍ය දායකත්වය කැළණිය ප්‍රදේශයේ පදිංචි (විශ්‍රාමික) යුධ හමුදා නිළධාරි මේජර් ශාන් ප්‍රනාන්දු විසින් හා කොළඹ 03, රාජා ජුවලස් අධිපති අතුල එළියපුර සහ එහි කාර්ය මණ්ඩලය විසින් දරනු ලබනවා.

නිවාස ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජි.ජෙ .තිලකරත්න, 621 බලසේනාධිපති කර්නල් ආර්.ඒ.ඩි.එස්. ශාන්ත රණවිර, වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here