Home Hit මධූෂ් ඩුබායි හිරේම රඳවා තැබීම නුවණට හුරුයි – යුද හමුදාපති

මධූෂ් ඩුබායි හිරේම රඳවා තැබීම නුවණට හුරුයි – යුද හමුදාපති

584
0

මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල් වූ පොලිස් විශේෂ කාර්ය බලකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක කියා සිටිනවා.

මෙම සැකකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබුවහොත් විවිධ උපාය මාර්ග සහ උපක‍්‍රම යොදාගෙන හිරෙන් පැන යෑමට පවා ඉඩ තිබෙන බව හමුදාපතිවරයා ප්‍රකාශ කරන්නේ.

මෑතකදී බුරුතු පිටින් මෙවැනි පුද්ගලයින් ලංකාවේදිම අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි උනන්දුව සහ කැපවීම මත යැයිද එම බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාගේ සේවය දීර්ඝ කිරීම ඉතා වැදගත් යැයිද ඔහු සඳහන් කර සිටිනවා.

යුද්ධ හමුදාව සමග බුද්ධි තොරතුරු බෙදාගෙන මෙම වැටලීම් කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය දිරිමත් කරන අතර මේ සඳහා වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here