Home Hit ජනාධිපති නිල නිවස ඉදිරිපිට උපවාසයක් – PHOTOS

ජනාධිපති නිල නිවස ඉදිරිපිට උපවාසයක් – PHOTOS

407
0

තමා මුහුණදී තිබෙන ගැටලු සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඉල්ලා සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ 07, මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවාසට පිවිසෙන මාර්ගය අසල අද (11) පෙරවරුවේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙම උපවාසය සම්බන්ධව ජනාධිපතිවරයාට හා ආරක්ෂක අංශ වලට ලිඛිතව දැනුම් දුන් බවත්, ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය තමාට හිරිහැර නොකර ජනාධිපතිවරයා හමුවී මේ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු සඳහන් කර සිටිනවා.

ජනතාවට පෝෂ්‍යදායි, ගුණාත්මක ආහාර වේලක් ලබාදීම සඳහා හඬක් නැගූ තම සංගමයේ කටයුතු කඩාකප්පල් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ එක්තරා දේශපාලන පක්ෂයක් කටයුතු කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු වැඩිදුටත් සඳහන් කළේ එල්ලවෙමින් තිබෙන මරණිය තර්ජන හේතුවෙන් තවදුරටත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ කටයුතු කළ නොහැකි බැවින් ඉන් ඉවත්වීමට තමා තීරණය කළ බවයි.

Image may contain: 1 person, close-up and outdoor

Image may contain: 1 person, close-up and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here