Home Politics ”ජනාධිපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වෙනවා” – ජනපති

”ජනාධිපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වෙනවා” – ජනපති

673
0

ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගන්නා බවයි ජනාධිපතිවරයා පසුගිය (09) වනදා පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමන් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.

රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ අද ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී සිටින බවයි.

ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කළා සේම එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජන හමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවේ දේශපාලන පක්ෂයක් ලෙස නොව නිදහසින් පසු ශ්‍රී ලංකාව දේශීයත්වය සහ අපේකම මුල්කරගත් රටක් ලෙස ගොඩනැගීමේ පුළුල් බලවේගයක් ලෙස බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here