Home Hit ගෝඨාගේ විරෝධතා ඉවතට – නඩුව විභාගයට

ගෝඨාගේ විරෝධතා ඉවතට – නඩුව විභාගයට

334
0

මැඳමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

මෙම නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වයෙන් අධිකරණය හමුවේ සඳහන් කළත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන 22 වනදා විත්තිකරුවන්ට උත්තරවාද (චෝදනා සඳහා වරදකරුද? නිවැරදිකරුද යන වග) ඉදිරිපත් කරන ලෙසද අධිකරණය සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here