Home Politics ක්‍රිකට් විනාශ කළ පුද්ගලයින් ජනපතිගේ වේදිකාවෙන් බැස්සවීමට කාලයයි – අමාත්‍ය අර්ජුන...

ක්‍රිකට් විනාශ කළ පුද්ගලයින් ජනපතිගේ වේදිකාවෙන් බැස්සවීමට කාලයයි – අමාත්‍ය අර්ජුන රණතුංග

365
0

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ පුද්ගලයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාවෙන් බිමට බැස්සවීමට කාලය පැමිණ ඇතැයි ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

මේ වසර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවට යොමු කිරීමේ වසරක් වනු ඇති බවත් ඔහු සඳහන් කර සිටිනවා.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ ඊයේ (10) ගම්පහ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍ර‍ශ්නයකට දෙමින්.

“අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් වගේ. එය විනාශ වෙන්න පටන් ගත්තේ 2015 වසරේ සිට. එයට ක්‍රීඩකයින්ට විතරක් දොස් කියලා හරි යන්නේ නැහැ. එයට ක්‍රිකට් පරිපාලනයට පැමිණි නුසුදුසු පුද්ගලයනුත් වගකියන්න ඕන. ඒ බව මම 2015 සිටම කිව්වා. නමුත් කිසිම කෙනෙක් ඒ බව ගාණකට ගත්තේ නැහැ. ඇතිවුණු විනාශය ජනාධිපතිතුමාට තේරුණු එක ගැන මම සතුටු වනවා. නමුත් අදත් ඒ පුද්ගලයෝම තමයි ජනාධිපතිතුමාගේ වේදිකාවේ ඉන්නේ. ඒ පුද්ගලයින් දැන් වේදිකාවෙන් බිමට බස්සවන්න ජනාධිපතිතුමාට දැන් හරි කාලය ඇවිල්ලා තියෙනවා.

මං ජනාධිපතිතුමාට උපදේශයක් දෙනවා නෙමෙයි. නමුත් එවැනි දූෂිත පුද්ගලයින් තමන්ට කිට්ටු තැන්වල තිබ්බම මිනිසුන් අතර ජනාධිපතිතුමාත් පිරිහෙන්නට පුළුවන්. ජනාධිපතිතුමා හරි වෙලාවට තිරණ ගන්න කෙනෙක්. සමහර විට කාලය පැනලා ඇති.

නමුත් ජනාධිපතිතුමා ඉක්මනින්ම තීරණයක් ගනීවි. ඒ වගේම දැන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රීඩා අමැතිවරයෙක්. හරින් ප්‍ර‍නාන්දු, එතුමාත් හරි තීරණ ගන්න කෙනෙක්. අනිවාර්යෙන්ම ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් පසුව අපිට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි කරන්න පුළුවන් වේවි.” යනුවෙන් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here