Home Hit එල්ලුම් ගහේ කඹය ප්‍රමිති කාර්යාංශයට

එල්ලුම් ගහේ කඹය ප්‍රමිති කාර්යාංශයට

493
0

එල්ලුම් ගහ සඳහා භාවිත කිරීමට නියමිත කඹය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙත යොමු කර ඇතැයි වාර්තාවනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2015 වසරේදී පාකිස්ථානයෙන් ගෙන්වා ඇති එම කඹය මරණ දඬුවම ලබාදීම සඳහා යොදා ගැනීමට සුදුසු ද යන්න පරීක්ෂා කිරීම සඳහා එලෙස ප්‍රමිති කාර්යංශයට යොමු කළ බවයි.

එම කඹයේ ප්‍රමිතියෙහි කිසියම් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වුවහොත් සුදුසු තත්ත්වයේ කඹයක් ඉතා කඩිනමින් විදේශීය රටකින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීමේ අයදුම්පත් අද (11) සිට කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරණ දඬුවම නියම වී සිටින දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවයි.

ඒ අනුව ලබන 25 වනදා තෙක් අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් යොමු කළ හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here