Home Local ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපතිට සියළු මන්ත්‍රීන්ගේ විරෝධය

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපතිට සියළු මන්ත්‍රීන්ගේ විරෝධය

862

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පසුගිය සභා වාර්තාව අත්තනෝමතික ලෙස වෙනස් කර අද (11) පැවැත්වෙන සභා රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා.

එයට පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන් විරෝධය දක්වා ඇති අතර සභා වාර්තාව ඉරා දැමීම හේතුවෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා රැස්වීමේදී කලබලකාරි තත්වයක් උද්ගත වී තිබෙනවා.

එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද සභා රැස්වීම තුළට පිවිසීමට සභාපතිවරයා ඉඩ ලබා දී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

සභාපතිවරයා පොදු තත්වයන් සියල්ල උල්ලංඝණය කරමින් හිතු මනාපයේ මුදල් වැය කරන බවත්, අද රැස්වීමේ තින්දු කිසිවක් ලබාගැනිමට ඉඩ ලබා නොදුන් බවත්, වාර්තාව නිසි පරිදි සකසා ඉදිරි දිනයකදී රැස්විම නිසි පරිදි පැවැත්විය යුතු බවත් පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියා.

සුනිල් හරිස්චන්ද්‍ර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here