Home Local අනවසරෙන් මැණික් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – PHOTOS

අනවසරෙන් මැණික් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – PHOTOS

262
0

බලපත්‍රයක් නොමැතිව මැණික් ඉල්ලම් තොගයක් ප්‍රවහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ඩොල්ෆින් වැන් රථයක් සමග හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන්, දික්ඔය ප්‍රදේශයේ සිට හැටන් නොර්වුඩ් දක්වා මෙම මැණික් ඉල්ලම් තොගය සැකකරුවන් විසින් ප්‍රවහනය කරමින් සිටියදි කොට්ඨාශ දුෂන මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රි 07ට පමණ හැටන් දික්ඔය නගරයේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොර්වුඩ් මහ මාර්ග කාර්යාලයට අයත් දික්ඔය නගරයේ පිහිටි නිල නිවස පිටුපස හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ ආසන්නයේ විශාල වලවල් කපා මැණික් ඉල්ලම් සැකකරුවන් දෙදෙනා ගොඩගෙන ඇති බවයි වැටලිම සිදුකල කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නොර්වුඩ් මහ මාර්ග කාර්යයාලයේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරියෙකු ද සිටින බවයි කොට්ඨාශ දුෂන මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

මෙම වැටලිමේදි සැකකරුවන් විසින් ප්‍රවහනය කරමින් සිටි මැණික් ඉල්ලම් තොගයක් , මැණික් ඉල්ලම් ගොඩ ගැනිමට භාවිතා කල උපකරණ රැසක් ජලය ඉසින මෝටරයක් අත්අඩංගුවවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් තොගය නොර්වුඩ් ප්‍රදේශයට ප්‍රවහනය කර නොර්වුඩ් වතු ක්‍රිඩාංගනයේ නිතියානුකුලව මැණික් ඉල්ලම් සේදිමට ජාතික මැණික් හා ස්වාර්ණාභරන අධිකාරියෙන් නිතියානුකුල බලපත්‍රයක් ලබාගෙන මැණික් ඉල්ලම් සොදන ස්ථානයට රැගෙන ගොස් අදාල ඉල්ලම් තොගය සේදිමටයි සැලසුම් කර තිබුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (11) හැටන් මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here