Home Hit අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

406

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 05කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 04කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා තිබෙනවා.

නවතම මිල ගණන් අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 129ක් සහ ඔක්ටේන් (95) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 152ක් වනු ඇති.

ඔටෝ ඩිසල් ලීටරයක නවතම මිල රුපියල් 103ක් වන අතර සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 126ක් ලෙස ඉහළ යනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here