Home Hit මධුෂ් අැතුළු පිරිසගේ රුධිර පරීක්ෂණ අවසන්

මධුෂ් අැතුළු පිරිසගේ රුධිර පරීක්ෂණ අවසන්

1846

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනාගේ යුත් පිරිසගේ රුධිර පරීක්ෂණ කටයුතු ඊයේ (07දා) දිනය වනවිට නිමා වී ඇතැ බව ඩුබායි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා..මෙමගින් පොලිස් අත්අඩංගුවේ සිටින 31 දෙනා අතරින් මත්ද්‍රව්‍ය භාවිත කර සිටින පිරිස් හඳුනාගැනීමට බලාපොරොත්තු වෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි .

මෙම පරීක්ෂණවල අරමුණ වන්නේ අදාළ රුධිර වාර්තාවලට අනුව ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවාද? මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවා නම් ඒ කොපමණ ප්‍රමාණයක්ද? යන්න හඳුනාගැනීමයි . කෙසේ වෙතත් මෙම පිරිස අතර සිටින පුද්ගලයන් කීපදෙනෙකුම සැලකිය යුතු ප්‍රමාණවලින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට ඩුබායි පොලීසිය සැක කරයි.

ඩුබායි රාජ්‍යයේ නීතිය අනුව දඬුවම්වල ස්වභාවය තීරණය වනුයේ මත්ද්‍රව්‍ය භාවිත කළ ප්‍රමාණ සහ ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය මතයි  

මූලිකවම අත්අඩංගුවට ගත් පිරිස හතළිහක් අතර, එම පිරිසෙන් පිරිමි හතර දෙනෙකු සහ කාන්තාවන් පස්දෙනෙකු ඩුබායි පොලීසිය විසින් මේ වනවිට නිදහස් කර තිබේ.

තවද එදින අදාළ වැටලීම සිදුවන අවස්ථාවේදී අංගොඩ ලොක්කා නමින් හඳුන්න තැනැත්තා හා මධුෂ්ගේ බිරිඳ ලෙස සැලකෙන මියගිය කළු තුෂාරගේ බිරිඳ පැනගොස් ඇතැයිද වාර්තා වෙනවා.මොවුන් දෙදෙනා සොයා දැනටමත් පොලීසිය පරීක්ෂණ පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here