Home Local කොකේන් තොගයක් කටුනායක දී අල්ලයි

කොකේන් තොගයක් කටුනායක දී අල්ලයි

310
0

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (8) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගන්නා ලදී .

අදාළ සැකකරු 34 හැවිරිදි ඉන්දියාවේ , නාගලන්ත ප්‍රාන්තයේ පදිංචි පරිගණක ක්‍රියාකරුවෙකි


ඔහු අද දින අලුයම 4.45 ට ඉන්දියාවේ , මුම්බායි සිට පැමිණි ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9WV 56 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත .
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක රුපියල් එක් කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන් දහසක් (1,50,75,000) වටිනා කිලෝ ග්රැම් 01 යි ග්රැම් 05 ක් බර කොකේන් තොගයක් සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම ඉන්දීය ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් පවතී .

.
නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ , ජේෂ්ඨ පොලිස් අධිකාරී තිලක් ධනපාල මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා

.

(කටුනායක ටී.කේ.ජී.කපිල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here