Home Local අල්ලස් ගත් ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිට වසර 5ක සිර දඬුවම්

අල්ලස් ගත් ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිට වසර 5ක සිර දඬුවම්

321
0

අල්ලස් චෝදනාවකට වැරදිකරු වු කලුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතාට බරපතල වැඩ සහිත වසර 05 ක සිර දඬුවමක් (07) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කරන ලදී.

වෙන්දේසි ඉඩමකට ප්‍රවේශ වන මාර්ගයක තිබු කුඹුරක් මැදින් මාර්ගයක් සකස් කර දීමට රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබා ගැනීමට ඔහු වරදකරු විය .ඒ අනුව විත්තිකරුට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනා 04 කට ඔහු වරදකරු කළ විනිසුරුවරයා එක් චෝදනාවකට වසර 05 බැගින් වසර 20ක සිර දඬුවම් නියම කළේය. එය වසර 5 කින් ගෙවී යා යුතු බවටද නියෝග කරන ලදී.

තවද විත්තිකරුට රුපියල් ලක්ෂ 30ක දඩයක් සහ පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවිය යුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here