Home Environment 21 වන ශත වර්ෂය අවසානයේ සාගර වල පැහැයේ වෙනසක් – PHOTOS

21 වන ශත වර්ෂය අවසානයේ සාගර වල පැහැයේ වෙනසක් – PHOTOS

424
0

ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීමත් සමඟ ලොව පවත්නා ජල මූලාශ්‍රවලින් අර්ධයක් වර්ෂ 2100 වනවිට වර්ණ විපර්යාසයකට ලක්වන බවද සියවස අවසානයේ පෘථිවියේ සාගර තද කොළ පැහැයට හැරෙන බවද විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

උණුදිය හේතුවෙන් ජලයේ වෙසෙන ඇල්ගී විශේෂ වල වර්ධනයෙහි පැහැදිලි විපර්යාසයක් සිදුවීම ඊට හේතුවයි.

ශාක ප්ලවාංග විනාශවීම නිසා උප නිවර්තන කලාප වැනි නිල් පැහැය ගන්නා ප්‍රාන්ත තවදුරටත් තද නිල් පැහැයට හැරෙන බවද, අධික උණුසුම හේතුවෙන් කුඩා ඇල්ගී ජීවීන් උත්පාදනය වී බහුලව වර්ධනය වී ධ්‍රැව කලාප ආශ්‍රිත හරිත පැහැය ගන්නා කලාප තද කොළ පැහැයට හැරෙන බව විද්‍යාඥයින් විසින් අවධාරණය කර සිටිනවා.

ඇල්ගී කොළ පැහැය පරාවර්තනය කරන අතර ඒවා අහස ඡායාගත කර සාගර වෙත ලබාදී මුහුදු හරිත පැහැ ගැන්වීමට කටයුතු කරනු ලබනවා.

දේශගුණ විපර්යාසයට දඬුවම් වශෙයන් පරිසර පද්ධතිය ද විනාශ වන බවත්, එක් පරිසර පද්ධතියකට හානිවීමේදී ඒ හා සම්බන්ධ ආහාර ජාලයට ද හානි වන බවත් විද්‍යාඥයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Image result for Oceans will turn ‘deep GREEN’ by end of century – and experts are blaming climate change

උපුටා ගැනීම – ද සන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here