Home Sports 2020 ඔලිම්පික් වෙනුවෙන් නව කුලී මෝටර් රථයක්

2020 ඔලිම්පික් වෙනුවෙන් නව කුලී මෝටර් රථයක්

1560
0

මීළග ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ 2020 වසරේදී ජපානයේ ටෝකියෝ නුවරයි.

මේ දිනවල ශී‍්‍ර ලංකාවේ ජනගහනයට සමාන ජනගහනයක් ජීවත් වන ටෝකියෝ නුවර අතිශය කාර්යබහුල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම කාර්යබහුල නගරය මේ දිනවල ඔලිම්පික් උළෙලට සූදානම් කිරීමට ජපන් රජය පියවර ගෙන තිබෙනවා.

නව ක‍්‍රීඩාංගණ, හෝටල්, මහාමාර්ග ඉදිවෙමින් පවතින අතර කුලී රථ සේවා ආයතනද ඔලිම්පික් වෙනුවෙන් නිපද වූ අලූත්ම මෝටර් රථ, කුලීරථ සේවා සඳහා යොදාගෙන තිබෙනවා.

ජපන් වැසියන් වෙනුවෙන් නිපදවන කුඩා මෝටර් රථ වෙනුවට මෙම මෝටර් රථයේ ඉඩකඩ පහසුකම් වැඩි වන අතර යුරෝපයෙන් පැමිණෙන උස මහත ක‍්‍රීඩකයින්ට සහ පේ‍්‍රක්‍ෂකයින්ට පහසුවෙන් ගමන් කළ හැකි ලෙස මෙම මෝටර් රථය නිපදවා තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 60ක් පමණ (බදු රහිතව) වන මෙම මෝටර් රථය ජපන් කුලී රථ සේවයේ ජනප‍්‍රිය මෝටර් රථයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

උපාලි ද සේරම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here