මීගමුව පොලිස් ස්ථානය තුළදී පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් හලාවත – මීගමුව පුද්ගලික බස් රථ සේවකයින් අද (07) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
පහර කෑමට ලක්ව ඇති වෙන්නප්පුව, නයිනමඩමේ පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි චමින්ද යන අය ප්රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුගිය 06 වනදා මීගමුව පොලීසිය තුළදී පහරදීම සිදුවී ඇති බව වැඩවර්ජනයට එක්ව සිටින බස් රථ සේවකයින් කියාසිටිනවා.
බස් රථය තුළදී මුදල් පසුම්බියක් අස්ථාන ගතවීම සිද්ධියට හේතුව වී ඇති බවයි සඳහන් වන්නේ.
ජුඩ් සමන්ත