Home Business ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා පොළ පෙබරවාරි 24 වනදා – PHOTOS

ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා පොළ පෙබරවාරි 24 වනදා – PHOTOS

1286

1993 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ කලා පොළ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම එළිමහන් කලා අලෙවි ප්‍රදර්ශනය වන අතර දේශීය සහ විදේශීය කලා රසිකයන් මෙන්ම දිවයිනේ ජනප්‍රිය තරු, විශේෂිත පුද්ගලයින් සහ සිසු දරු දැරියන් සහභාගීත්වයෙන් පවත්වනු ලබන්නකි.

2029 වසරේ කලා පොළ පිලිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ජාවක් ඊයේ (06) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පර්ශ්‍රයේ දී පවත්වනු ලැබුවා.

ජෝර්ජ් කීට් පදනම ඉදිරිපත් කරන කලා පොළ මෙම වසරේ පැවැත්වෙන්නේ 26 වැනි වරට වන අතර ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් මේ සඳහා 25වන වරටත් අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබේ.

කලාව සහ සංස්කෘතිය හා සම්බන්ධ ජෝන් කීල්ස් පදනමේ දිගුකාලීන සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ද මෙය හඳුන්වා දියහැකිය.

කලාව සහ කලාකරුවා සමෘද්ධිමත් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය වූ කලා පොළ සංකල්පය හරහා තුලිත සමාජ සංවර්ධනයක් ඇති කිරීම සහ කලාකරුවන්ට මූල්‍යමය වශයෙන් පිටුබලයක්, මෙම වැඩසටහන මගින් සහ එයින් පරිබාහිරව ද ඇති කර දීම විශේෂයෙන් අරමුණු කර ඇත.

ජෝන් කීට් පදනමේ වත්මන් සභාපති මයිකල් ඇන්තන්ස් මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේ ය. ” කලා පොළ නැරඹීමට පැමිණෙන පිරිස වගේම කලා කෘති මිලදී ගන්නා පිරිස ද පසුගිය වසර කිහිපයක කාල සීමාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබීම සතුටට කරුණක්. පසුගිය වසරේ පමණක් නරඹන්නන් 20,000කට අධික පිරිසක් කලා පොළ නැරඹීමට පැමිණි අතර කලාකරුවන් ලැබූ සමස්ත ආදායම රුපියල් මිලියන 15 ඉක්මවීමට සමත්. මේ කාර්යයේ ඇති වටිනාකම සහ වැදගත්කම කියාපාන්නට මේ අගයන් හොදින්ම ප්‍රමාණවත්.”

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාරක වැඩසටහන් ප්‍රධානී නදීජා තම්බයියා මහත්මිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළාය. ”චිත්‍ර හා මූර්ති ශිල්පීන් තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටත් ශක්තිමත් කරගැනීමටත් මනා වූ පිටුවහලක් ලෙස කලා පොළ හඳුන්වා දෙන්නට පුළුවන්. පසුගිය වසර ගණනාවක කාලය පුරා කලාකරුවන් විශාල පිරිසකට ජාතික මෙන්ම අන්තර්ජාතික මට්ටමේ අවස්ථා රැසක් හිමිකර දෙන්නටත් කලා පොළ තුළින් හැකියාව ලැබුනා. එපමණක්ද නොවෙයි මේ හරහා ඔවුන්ගේ ආර්ථික මට්ටම උසස් කරන්නටත් අවකාශ සැලසී තිබෙනවා. ජෝන් කීට් පදනමේ හවුල්කාරීත්වය ද ඇතිව 25ව වැනි වරටත් කලාප සංවිධානය කරන්න ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටට පත් වෙනවා.”

කලාකරුවන් සහ ගැනුම්කරුවන් යන දෙපාර්ශවයටම කලාව පිළිබඳ අවබෝධය වර්ධනය කරගැනීම සම්බන්ධතා ජාල ගොඩනගා ගැනීම සහ කලා කෘති අලෙවිකරණය වැඩිකර ගැනීම යන කරුණු සඳහා අවකාශ සලසා දීම කලා පොළ ඉසව්වේ මුඛ්‍ය දර්ශනය ලෙස පෙන්වා දිය හැකියි. සම්භාව්‍ය ශෛලීන්ගේ සිට සමකාලීන වියුක්ත කලා ධාරාවන් දක්වා පුළුල් පරාසයක කලාකෘති රසවිඳින්නටත්, මිලදී ගන්නටත් අවකාශ සැලසෙනවා. දිවයිනේ සිව්කොනම නියෝජනය කරන විචිත්‍රවත් කලාත්මක නිර්මාණශීලී කලා කෘති රැසක් සමගින් 2019 කලා පොළ පෙබරවාරි මස 24 වැනි දින පෙරවරු 8.00 සිට පස්වරු 9 දක්වා කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන්පාත්) පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here