Home Local මූලික වැටුප ඉල්ලා වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂණයේ

මූලික වැටුප ඉල්ලා වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂණයේ

697

හැටන් ෆොඩයිස් හරහා ඩයගම දක්වා වු ප්‍රධාන මාර්ගය අවහිර කරමින් වතු කම්කරුවන් පිරිසක් අද (07) උදැසන සිදුකල උද්ඝෝෂණයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 02කට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබෙනවා.

තම දෛනික මුලික වැටුප රු.1000 දක්වා වැඩි කරන ලෙස හෝ තමන්ට වැඩි කල රු .700 මුලික වැටුපට තමන්ට මිට ඉහත ගෙවු රු.140 ප්‍රසාද දිමනාව ලබාදෙන ලෙස වතු සමාගම්වලට බල කරමින් හැටන් ෆොඩයිස් වතුයායේ වතු කම්කරුවන පිරිසක් උද්ඝෝෂණය සිදු කලා.

හැටන් – ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ ෆොඩයිස් වතු යායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපට ප්‍රධාන මාර්ගය අවහිර කරමිනුයි වතු කම්කරුවන් උද්ඝෝෂණයේ නියැලි සිටියේ.

උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ රු 1000 ක මුලික වැටුපක් තමන්ට ලබාදෙන බව වතුකරයේ දේශපාඥයින් තමන්ට පොරොන්දු වි තමන්ව මුලා කර රු 700 ක මුලික වැටුපක් ලබාදිමට කටයුතු කර අදාල අවබෝධතා ගිවිසුම වතුහාම්පුතුන්ගේ සංගමය සමග අත්සන් කර ඇති බවයි.

පැය 02කට ආසන්න කාලයක් විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් උදැසන 10ට විරෝධතාවය අවසන් කර තේ දළු නෙලිමේ කටයුතුවලට වාර්තා කර සිටියා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here