Home Local මත්පැන් සාදයට සම්බන්ධ සියලු දෙනා ස්ථාන මාරු කරන ලෙස ඉල්ලා ශ්‍රී පාද...

මත්පැන් සාදයට සම්බන්ධ සියලු දෙනා ස්ථාන මාරු කරන ලෙස ඉල්ලා ශ්‍රී පාද සිසුන් අදත් විරෝධතාවයේ – PHOTOS

423

පසුගිය (05) වනදා පතන, ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවැත්වූ මත්පැන් සාදයට සම්බන්ධ සියළු දෙනා හා පීඨයේ රෙජිස්ටාර්වරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පීඨයේ සිසු සිසුවියන් විසින් අද (07) පෙරවරුවේ දෙවෙනි දිනයටත් එම පීඨයේ පිවිසුම් ගේට්ටුව අසලදී උද්ඝෝෂණයක නිරත වුණා.

මෙම සාදයට සම්බන්ධ වූයේ යැයි කියන විද්‍යාපීඨයේ සේවක පිරිසක් අද දින නැවත සේවයට වාර්තා කර තිබීමත් සමග සිසුන් විසින් මෙසේ උද්ඝෝෂණයක නිරත වුණා.

උද්ඝෝෂකයින් සමග මෙහිදී දුරකතනයෙන් සම්බන්ධ වූ ජාතික විද්‍යාපීඨ කොමසාරිස් එච්.එම්.ඒ. බණ්ඩාර සිසුන්ට දන්වා සිටියේ, සිද්ධියට සම්බන්ධ පිරිස පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අද පස්වරුව වන විට තීරණයක් ගන්නා බවයි.

මෙහිදී උද්ඝෝෂණයට එක්ව සිටි සිසුන් කියා සිටියේ කොමසාරිස්වරයා අද දින තුළ සාධාරණ තීරණයක් නොගතහොත් තමන් අඛණ්ඩව උද්ඝෝෂණය පවත්වන බවයි.

සිසුන් විසින් ඉවත් කළයුතු යැයි පවසන, අද දින සේවයට වාර්තා කර සිටි සේවකයින් පිරිස මෙම උද්ඝෝෂණයෙන් පසුව සේවයට වාර්තා නොකර පිටව ගිය අතර සිසුන් තම දෛනික අධ්‍යාපන කටයුතු සඳහා දේශන ශාලාවලට ගොස් තිබෙනවා.

ක්‍රිෂාන්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here