Home Local තේ දල්ලට වඩා නැට්ටේ ඉල්ලුම ඉහළට

තේ දල්ලට වඩා නැට්ටේ ඉල්ලුම ඉහළට

477
0

තේ වලට සාපේක්ෂව තේ දලු ඇඹරීමේදී ඉවතලන තේ දල්ලේ නැටිවලට විශාල ඉල්ලුමක් තිබෙන බව කුඩා තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහන් කර සිටිනවා.

එහෙත් තේ ආඥා පනතට අනුව තේ දල්ලේ නැටි අලෙවි කළ නොහැකි බවත් මේ නිසා ව්‍යාපාරිකයන් කිහිපදෙනකු තේ නැටි තේ තොගවල සඟවා රහසිගතව විදේශ රටවලට රැගෙන යන බවත් එම පිරිස පෙන්වා දෙනවා.

කර්මාන්ත ශාලා වලින් තේ නැටි ඇතුළු අපද්‍රව්‍ය ‘කසළ තේ’ ලෙස නම් කර කිලෝවක් රුපියල් 50ක් හෝ ඊට ආසන්න මුදලකට අලෙවි කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් පවතින නීතිමය තත්ත්වය වෙනස් කර තේ නැටි වෙනම විදේශ රටවලට රැගෙන යෑමට අවසර ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නීතිඥ නවීන් දිසානායක ඇමැතිවරයාට ඉදිරියේදී සන්දේශයක් භාරදෙන බවයි කුඩා තේ කර්මාන්ත ශාලා හිමියන් ප්‍රකාශ කරන්නේ.

සුවඳ විලවුන් හා බටහිර ඔෟෂධ නිෂ්පාදනය කිරීමේදී සහ කෝලා වර්ග නිෂ්පාදනයේදී තේ නැටි මේ වන විට විවිධ රටවල් විසින් භාවිත කරනු ලබන බවත් එබැවින් තේ නැටි කිලෝවක් ජාත්‍යන්තරයේදී අලෙවි වනුයේ ඩොලර් 03ත් 04ත් අතර මුදලකට බවත් ඔවුන් පවසනවා.

චීනය, සිංගප්පූරුව, මෝල්ටාව, තුර්කිය වැනි රටවල් මූලික කරගනිමින් මීට අදාළ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුද රහසිගතව මීට අදාළ ව්‍යාපාර කටයුතු සිදු කරන බවයි එම පිරිස් සඳහන් කර සිටින්නේ.

ආරියරත්න ගනේගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here