ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කර ශක්තිමත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳව අවධානය යොමුකරමින් එම පක්ෂය මෙම තීරණය ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී බහුතර විරෝධය නොතකමින් එක්සත් ජාතික පක්ෂය අද දිනයේදි ජාතික ආණ්ඩුව සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තනිව තරගකරමින් ලබාගත් මන්ත්‍රී ධුරයක් සමග ඔවුන් මෙම ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමට සූදානම් වනවා.
මෙහිදී කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 40 සිට 45 දක්වා වැඩි කරගැනීමටත් එක්සත් ජාතික පක්ෂය අවධානය යොමුකර තිබෙනවා.
මේ සඳහා ජනපතිවරයා ඇතුළු බොහෝ පාර්ශ්වයන්ගෙන් විරෝධය එල්ල වී තිබෙනවා.