Home Hit අගමැතිගෙන් නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට ප්‍රශංසාත්මක ලිපියක්

අගමැතිගෙන් නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට ප්‍රශංසාත්මක ලිපියක්

413
0

මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන මෙහෙවර අගය කරමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ කාර්ය බලාකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් වෙත අද (07) දින ප්‍රශංසාත්මක ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ මෙසේ සඳහන් වනවා.

“මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ආශ්‍රීත අපරාධ රටෙන් තුරන් කිරීම වෙනුවෙන් සිදුකරන ලද, එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී නොබෝදා විශේෂ කාර්ය සාධක බලකාය අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම් සහගතය.

මෙහිලා විශේෂ කාර්ය සාධක බලකායේ නිර්භීත ක්‍රියාකලාපය මා අගය කරන අතරම එවන් කාර්යශුර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතකි.

නොබෝදා සිදුකරන ලද මෙහෙයුම් වලට දායක වු සියලූම විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට මාගේ ප්‍රශංසාව පළකරන මෙන් කාරුණිකව ඉල්ලමි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here