Home Local හිංසාකාරීව ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

හිංසාකාරීව ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

607
0

හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමග සැකකරුවන් තිදෙනෙකු පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (06) අලුයම ආණමඩුව – හලාවත මාර්ගයේ ආඩිගම දීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මන්නාරම මඩු ප්‍රදේශයේ සිට ජා ඇල දක්වා ගවයින් ප්‍රවාහනය කරමින් සිටි බව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවයන් පවසා තිබෙනවා.

ගවයින් ප්‍රවාහනය කිරීම සදහා මඩු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බලපත්‍රයක් නිකුත් කර තිබූ අතර, ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරීවරයා විසින් සතුන්ව ප්‍රවාහනය කිරීමට සුදුසු බවට නිර්දේශයන්ද කර ඇතැයි සඳහන්.

නමුත් ගවයින් 06 දෙනෙකු පමණක් ප්‍රවාහනය කිරීමට හැකි ලොරියක ගවයින් 20 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි බව වැටලීම කළ නිලධාරීන් සදහන් කර සිටිනවා.

ඒ අනුව ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලබා දුන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ අනුමැතිය ලබා දී ඇති පශු වෛද්‍ය නිලධාරීවරයාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන්, ගවයින් සහ සතුන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා පල්ලම පොලීසියට බාර දී තිබෙනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here