Home Local රූපලාවන්‍යාගාරයක් බිඳ උපකරණ සොරකම් කළ දෙදෙනකු අත්අඩංගුවට

රූපලාවන්‍යාගාරයක් බිඳ උපකරණ සොරකම් කළ දෙදෙනකු අත්අඩංගුවට

375
0

ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් විසින් පවත්වා ගෙන යනු ලබන රූපලාවන්‍යාගාරයක් බිඳ රූපවාහිනියක් ඇතුලු රුපියල් ලක්ෂ ගණනක් වටිනා රූපලාවන්‍ය උපකරණ තොගයක් සොරකම් කරන ලදබව කියන සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්වත්ත ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි සහ 36 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

උඩුමහලෙන් ඇතුලු වී මෙම සොරකම සිදුකර ඇති අතර සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව සොරකම් කරන ලද රූපවාහිනිය ඇතුලු උපකරණ තොගය උගස් මධ්‍යස්ථානයකට උගස්කර තිබියදි සොයාගෙන තිබෙනවා.

ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ධම්මික නාගහවත්ත උප පොලිස් පරික්ෂක එම් නිමල් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

ෆර්හාන් නිසම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here