Home Hit මත්පැන් සාදයට ශ්‍රී පාදයේ විරෝධය – PHOTOS

මත්පැන් සාදයට ශ්‍රී පාදයේ විරෝධය – PHOTOS

617

හැටන්, පතන ශ්‍රි පාද අධ්‍යපන විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යසලාභි සිසුන් එම විද්‍යා පිඨය තුල අද (06) පන්ති වර්ජනය කරමින් විරෝධතාවයක නියැලි සිටිනවා.

අද උදැසන සිට එම විද්‍යාපිඨයේ ප්‍රධාන ගේට්ටුව අභියසයි සිසුන් මෙලෙස විරෝධතාවයේ නියැලි සිටින්නේ.

එම විද්‍යාපිඨයේ රොජිස්ටාර්වරයා ස්ථාන මාරු කරන ලෙස බල කරමින් මෙම ගුරු අභ්‍යාසලාභි සිසුන් විරෝධතාවය දක්වනු ලබන්නේ.

එම විද්‍යාපිඨයේ මුළුතැන්ගෙය අපිරිසිදුව පවත්වාගෙන යාම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම මුළුතැන්ගෙය තාවකාලිකව ඊයේ (05) සිට වසා දැමිම නිසා තමන්ට ආහාර පාන නිසි වේලාවට නොලැබෙන බවත්, එවන් තත්ත්වයක සිටියදී ඊයේ රාත්‍රියේ රෙජිස්ටාර්වරයා ඇතුළු එම විද්‍යාපිඨයේ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ පිරිසක් ඊයේ රාත්‍රියේ විද්‍යාපිඨය තුල මත්පැන් සාදයක්ද පැවැත් වු බවයි විරෝධතාවය දක්වන විද්‍යාපිඨයේ අභ්‍යාසලාභි සිසුන් කියා සිටින්නේ.

රෙජිස්ටාර්වරයා සහ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ නිලධාරින් පිරිසක් සහ ගුරු අභ්‍යාසලාභි සිසුන් අතර ඊයේ රාත්‍රියේ විද්‍යාපිඨය තුල ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට දිඹුල පොලිසියේ නිලධාරින්ට සිදුවුණා.

එම විද්‍යාපිඨයේ අනධ්‍යන කාර්යය මාණ්ඩලයේ නිලධාරින්ගේ ආරක්ෂාව උදෙසා රෙජිස්ටාර්වරයා සහ තවත් නිලධාරින් කිහිප දෙනෙකු අද අලුයම තෙක් දිඹුල පොලිසියේ රදවා තබා ගැනිමට ද පොලිස් නිලධාරින්ට සිදුවූ අතර මේ සම්බන්ධයෙන් අප එම විද්‍යාපිඨයේ පිඨාධිපතිනි රමණි අඹේනායක අප කල විමසුම අදහස් දක්වමින් කියා සිටියේ තම ආයතනයේ උසස් නිලධාරින්ගේ අනුමැතියක් නොමැතිව මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here