Home Business ප්‍රසිද්ධ ව්‍යාපාරික කිෂූ ගෝමස්ට නව තනතුරක්

ප්‍රසිද්ධ ව්‍යාපාරික කිෂූ ගෝමස්ට නව තනතුරක්

718
0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන කිෂු ගෝමස් අද දින (06) සංචාරක සංවර්ධන අධිකාරියේ හා ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඒ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග ඉදිරියේයි.

කිෂූ ගෝමස් මීට පෙර බහුජාතික ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කර ඇති අතර රටවල් 180 කට වඩා වැඩි ගණනක් සමඟ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සිදුකර අත්දැකීම් බහුල පුද්ගලයෙකි.

ආසියාවේ පැසිෆික් කලාපයේ විශිෂ්ටතම ව්‍යාපාර කාර්ය සාධනය සඳහා වූ රන් සම්මානය, ශ්‍රී ලංකාවේ වඩාත් කැපී පෙනෙන සමාරම්භක හොඳම තරුණ ආයතනික අධයක්ෂවරයා, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයා යන කීර්ති නාම රැසක් ද දිනාගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here