Home Local ”දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවුණා, එක් පාර්ශවයකට විතරක් දඬුවම් දීම වැරදියි” -හිටපු ජනපති

”දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවුණා, එක් පාර්ශවයකට විතරක් දඬුවම් දීම වැරදියි” -හිටපු ජනපති

506
0

යුද සමයේ හමුදාවේ සාමාජිකයින් බරපතල අපරාධ සිදුකළ බව කලකට පෙර පිළිගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔවුන් අධිකරණයට පමුණුවා දඬුවම් කළ යුතු බව අවධාරණය කර සිටිනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) සිය විජේරාම නිවසේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

දසදහස් සංඛ්‍යාත ජීවිත විනාශ කරමින් දියත් කෙරුනු යුද්ධය කිසිවකුටත් හානි නොකළ “මානුෂික මෙහෙයුමක්” ලෙස හැඳින්වූ ආණ්ඩුවක නායකත්වය දැරූ මහින්ද රාජපක්ෂ, තමන්ගේ සේනාධිනායකත්වය යටතේ වූ හමුදාවලට එරෙහිව දස වසරකට ආසන්න කාලයක පටන් නැගෙන චෝදනාවල සත්‍යයක් ඇතැයි මුල්වරට ප්‍රසිද්ධියේ පිළිගත්තේ දෙමළ මාධ්‍යවේදීන් සමූහයක් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

අඩුම වශයෙන් සාමාන්‍ය වැසියන් 70,000ක් මරුමුවට පත් වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇති යුද්ධයේදී යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සිදුවූ බවට නැගී ඇති චෝදනා විභාග කළ යුතු බවට වර්තමාන රජය ගිවිසගෙන තිබෙනවා.

“එහෙම දේවල් උනා” යි කියා සිටි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ මෙන්ම LTTE සංවිධානයත් එම අපරාධ කළ බවයි.

කල්ලි ගැසී ස්ත්‍රී දුෂණ සිදුකරන ලද බවයි ඔහු මෙහිදී විශේෂයෙන් සඳහන් කර සිටියේය.

“එක කට්ටියකට සමාව දීලා අනික් අයට දඬුවම් දෙන ප්‍රතිපත්තියක් වෙන්න බෑ නේ. හැබැයි ඉතින් බරපතල අපරාධයක් කරලා තියෙනවානම් ස්ත්‍රී දුෂණයක්, කල්ලි ගැසී දුෂණයක්, ඒ වගේ එකක් තිබුනොත් ඒක දඬුවම් කරන්න ඕනේ උසාවියෙන්,” යයි ඔහු ප්‍රකාශ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“ගෙදරක ගෑනු ළමයෙක් ඉන්නවා නම්, ඒ ලමයව අරං ගිහිල්ලා කවුරු හරි රේප් කරනවානම්, ඒක යුද්දෙට සම්බන්ධයක් නෑනේ. මේ සටනට සම්බන්ධ නෑනේ. එහෙම දේවල් උනානේ. දෙගොල්ලන්ගෙන්ම උනා. එහෙම නම් ඒ දෙගොල්ලන්ටම දඬුවම් කරන්න ඕනේ ඒකට. එක කට්ටියකට දඬුවම් කරන්නයි එක කට්ටියක් නිදහස් කරන්නයි බැහැ, එහෙම උනානම්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here