Home Local ණය ගෙවන්න අගරු චෙක්පතක් දුන් මෝල් හිමියෙකු අත්අඩංගුවට

ණය ගෙවන්න අගරු චෙක්පතක් දුන් මෝල් හිමියෙකු අත්අඩංගුවට

421
0

පෞද්ගලික බැංකු ශාඛාවකින් ලබා ගත් ණය මුදලක ණය වාරික ගෙවීම පැහැර හැරීම හා එම ණය වාරික ගෙවීමට රුපියල් ලක්ෂ 10ක අගරු චෙක්පතක් අදාළ බැංකුවට ලබා දී වංචා සිදුකිරීමේ චෝදනාව මත ඊයේ (05) දහවල් පොලොන්නරුවේ ප්‍රසිද්ධ වී මෝල් හිමියෙකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ වී මෝල් හිමියෙකි.

පොලිසිය පවසන අන්දමට සැකකාර වී මෝල් හිමියා පොලොන්නරුව, කදුරුවෙල පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවකින් ලබා ගත් ණය මුදලක් සදහා ණය වාරික ගෙවීම පැහැර හරිමින් සිට ණය වාරික පැහැර හැරීම පිළිබදව අදාළ බැංකුව විසින් දැනුම්දීම් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10ක අගරු චෙක්පතක් බැංකුවට ලබා දී මෙම වංචාව සිදු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බැංකු ශාඛාවෙන් අප කළ විමසුමක දී එහි කළමණාකාරිත්වය සදහන් කළේ මේ වනවිට පොලොන්නරුවේ වී මෝල් හිමියන් 15 දෙනෙකු ණය වාරික ගෙවීම් පැහැර හරිමින් අදාළ වී මෝල්හිමියා ණය වාරික ගෙවීම් පැහැර හරිමින් සිට රුපියල් ලක්ෂ 10ක අගරු චෙක්පතක් ලබා දී මාස 03ක් ගත වන බවද එය නිවැරදි නොකළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පොලොන්නරුව ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකරගේ උපදෙස් පරිදි බරපතල මුල්‍ය වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප.දුමින්දගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන අතර සැකකරු අද (06) පොලොන්නරුව ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

රොෂාන් තුෂාර තෙන්නකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here