Home Hit ඩුබායි වල මත්ද්‍රව්‍ය ලග තබා ගත්තොත් මොකද වෙන්නේ ?

ඩුබායි වල මත්ද්‍රව්‍ය ලග තබා ගත්තොත් මොකද වෙන්නේ ?

1830
0

මාකදුරේ මදූෂ් හා ජනප්‍රිය ගායකයන් දෙදෙනෙක් හා නළුවෙක් ඩුබායි වල මත්ද්‍රව්‍ය සමග අත්ඩංගුවට ගැනීමත් සමග සමාජයේ කතා බහක්  ඇති වී තිබෙන එලෙස අත්ඩංගුවට පත්වුනු අයට මොකද වෙන්නේ කියලා.ඉතින් අපි තීරණය කරා එ ගැන පොඩ්ඩක් සොයා බලන්න

ඔබ ඩුබායි වලට යන්න ඉන්න සංචාරකයෙක්නම් හෝ ව්‍යාපාර කටයුත්තකට හෝ  ඩුබායි යන්න ඉන්නවානම් ඔබ අනිවාරයෙන්ම එහි නීතී රීති දැන සිටිය යුතුයි,විශේශයෙන්ම මත්ද්‍රව්‍ය වලට අදාළ නීති දැන සිටියම යුතුයි.මන්ද ඔබ කිසිවක් නොදැන යන්නේ නම් ලෝකයේ නීති අධික භයානකම රට ඩුබායි බව මතකේ තබා ගන්න.

ඩුබායි වල මත්ද්‍රව්‍ය නීතිය

ඩුබායි නීතිය අනුව ඔබ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හෝ තබා ගෙන වරද කරුවා වුවොත් ඔබව වසර දෙකට සිරගතකරනු ලැබේ.මෙහි පැරණි නීතිය අනුව එම කාලය වසර 4කි. යම්හෙයකින් ඔබ මෙයට වරදරකරු වුයේ ප්‍රථමවරට නම් ඔබව පුනුරුත්තාපනයට යවන අතර එහිදි ඔබට දඩුවම් වශයෙන් දිරාම් 10 000 ක මුදලක් හෝ සමාජ සේවා කටයුතු කිරීමට යොදවයි. එලෙසම පුනුරුත්තාපන කදවුරේ  සිටිය යුතු අවම කාලය වසර 2ක් හෝ 3ක් වේ. නමුත් ඔබ සතු මත්ද්‍රව්‍ය ප්‍රාමණය  අනුව ඔබට මරණීය දණ්ඩනය පවා හිමිවිය හැක. මෙහි මත්ද්‍රව්‍ය ලෙස කාණ්ඩයට වේදනාශාක ලෙස ගන්නා සමහරක් බෙහෙත් වර්ග ද ඇතුලත් වීම විශේෂයකි.

මත්ද්‍රව්‍ය හා විදේශිකයින්

“Ignorance is no defence.It is very easy to come unstuck.”

“ඔබේ නොදැනුවත් බව නිදහසට කරුණක් නොවන අතර එය ඔබ මෙහි සිරවීමට පහසුම මගයි” යන්න ඩුබායි වල ප්‍රසිද්ධ කියමනකි. එ කියමන නොදත් හෝ දැනුවත්ව මත්ද්‍රව්‍ය නිසා ඩුබායි වල වරදකරුවන් වුනු අය බොහොමයි.එයිනුත් වැඩි හරියක් යුරෝපියන්ය. මෙල්ස ඩුබායි වල සිරවු සිරකරුවන්ගෙන් 47% සිරගත වී ඇත්තේ මත්ද්‍රව්‍ය ලගතබා ගැනිම හා පාවිච්චිය යන වරදටයි. මෙයින් 70දෙනෙකු නැවත මව් රට වෙත යවා ඇති අතර ඉතිරි සියල්ලම තවමත් සිර අඩස්සියේ පසුවෙයි. මෙහිදි බෝහෝ දුරට කරනුයේ ඔවුන්ගේ ගමන් බලපත්‍රේ විසා කාල සීමව අවසන්වනතුරු මොවුන්  රදවා තබා ගැනීමයි

මත්ද්‍රව්‍ය අල්ලන ඩුබායි අලුත් තාක්ෂණය

මෙසේ මත්ද්‍රව්‍ය අල්ලන්න ඔවුන් ගුවන්තොටුපොලවල් වල මත්ද්‍රව්‍ය වලට සංවේදි උපකරන සවි කොට ඇති අතර එමගින් 2018 වසරේ අත්ඩංගුවට පත් පිරිස 59කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here