Home Entertainment කවුද මේ ලෝකයම කථා වෙන BadAss Shaggy

කවුද මේ ලෝකයම කථා වෙන BadAss Shaggy

1075
0

ඔව් මේ වෙන කවුරුත් නෙවෙයි.අපි හැමෝම දන්න ස්කූබි ඩූ එකේ ඉන්න ෂැගි..කැම කන්න පෙරේත් හොල්මන් වලට බය ෂැගි,.

ඉතින් කොහොමද මේ ෂැගී එක පාරටම නරක් වුනේ ?

මේකට මුල් වුන කථාවනම් ටිකක් පරණයි.එ කිව්වේ 2017 වගේ. scooby doo monster unleashed කියන කතා මාලාවේ එක තැනක පළාතම බය කරන් හිටිය බයික් කල්ලියක් එක්ක ෂැගිලා රණ්ඩු වෙනවා.හැබැයි මෙකනම් කලින් රණ්ඩු වගේ නෙවෙයි..මොකෝ ඉතින් වෙනදානම් රන්ඩුවක් කිව්වාම රණ්ඩුව කොහෙද ෂැගි කොහෙද..එක්කො දුවලා..නැත්තන් අමු බොරුවක් කියලා ලිස්සලා ගිහින්

එත් මෙදා වුනේ මහ අමුතු දෙයක්..එ ෂැගීට ගහන්න උස්සපු කෙනාට කියනවා “මාව බිම තියන්න නම් ලැස්ස්ති වෙන්න එපා කියලා ” එහෙම කියලා ගිය නිමේෂයකින් එ කල්ලියේ හැමෝටම තනියෙන් ගහන්නේ කවුරුත් නොහිතු විදියටයි.

මේ නොසිතු මොහොතේ වුනු දෙයින් රසිකාන් අමන්දානයට පත්වුනා. කට්ටිය කියන්න ගත්තා ෂැගීට සුපර් පවර්ස් තියනවා කියලා.එය කොච්චර දුරට ගියාද කිව්වොත් අවසානයේ ෂැගි දෙවත්යෙන් සලකන්න ගත්තා..ෂැගි අල්ලලා විවිධ සිද්ධාන්ත පලකරන්න ගත්තා..

Image result for badass shaggy

උදාහරණයක් විදියට

Superman ගෙ සිම්බල් එකේ S එකෙන් කියවෙන්නෙ shaggy කියන එකලු.
Big bang එක කරේ shaggy ලු එයාගෙ 14%ක පවර්ස් යූස් කරලා
End Game එකේදි thanos ව මරන්නෙ ශැගීලු.

හැමතැනම Video,Meme,Fan Art හැදෙන්න ගත්තා. #BADASS_SHAGGY  ට්‍රෙන්ඩ් එක එන්න ගත්තේ මෙන්න මෙහෙමයි..හැබැයි හොදම හරිය වුනේ ඊට පස්සේ. ඔය අතරෙ තමා ultra instict ෂැගී කියන වීඩියො එකයි meme එකයි ආවෙ. මේක දැකපු dragon ball fan base එක ඇවිස්සුණා.. උන්ටත් ඒක ආතල් එකක් වුණා. හැමතැනම memes හැදෙන්න ගත්තා ultra instict shaggy කියලා. ඔය අස්සෙ ෆෑන්ස්ලා කිවුවා mortal kombat 11 එකටත් ෂැගීව ගෙන්නමු කියලා

ඉතින් mortal kombat ප්‍රොඩියුසර් කීවලු පැය විසිහතරක් ඇතුළත Shaggy ඕන කියලා දහදාහක් sign කරලා සහතික වූ පෙත්සමක් දෙන්න කියලා. වැඩේ කියන්නේ විනාඩි කිහිපයක් යන්නත් කලින් 10 000ට 15 000ක් අත්සන් ආවාලු.

එ එක්කම තව සුභ ආරංචියකුත් තියෙනවා.එ තමා BADASS SHAGGY ව දාල Comic එහෙමත් ලියවිලා තියනවා මේ ටිකට. ඉතින් එකත් අපිට ලගදීම බලාගන්න පුලුවන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here