Home Local කරාබු ගසින් බිමට වැටි සිව්දරු පියා මරුට

කරාබු ගසින් බිමට වැටි සිව්දරු පියා මරුට

450
0

කරාබු ගසින් බිමට වැඩි සිව්දරු පියෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ නාවලපිටිය, හරංගල පදිංචි කේ.ඒ. මුදියන්සේ යන (55) හැවිරිදි සිව්දරු පියෙකි.

මරණකරු අද (06) උදැසන 08ට පමණ තම නිවාසේ අසල තිබු කරාබු ගසක කරාබු කැඩීමට උත්සහ කල අවස්ථාවේ කරාබු ගසේ අතු අතර මාරුවීම සදහා ගසේ සවි කර තිබූ ලී ආධාරකයක් කඩා වැටිමෙන් බිමට වැටී බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු නාවලපිටිය මුලික රෝහල වෙත ගෙන යන අවස්ථාවේ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය නාවලපිටිය මුලික රෝහලේදි සිදුකිරිමට නියිමිතයි.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here