Home Local ශ්‍රි ලංකාවේ මුස්ලිම් වරුන්ට බිරින්දැවරුන් දෙදෙනෙක් තබා ගැනීම නීත්‍යානූකූලද ?

ශ්‍රි ලංකාවේ මුස්ලිම් වරුන්ට බිරින්දැවරුන් දෙදෙනෙක් තබා ගැනීම නීත්‍යානූකූලද ?

1160
0

පසුගියදා 71 වැනි නිදහස් දිනයේ අසාද් සාලී මහතා නිදහස් උත්සවයට ප්‍රවිශ්ට වීම ගැන සමාජයේ ලොකු කථා බහක් ඇතිව තිබෙනවා.එ ඔහු එම උත්සවයට පිවිසුනේ ඔහුගේ බිරින්දැවරුන් දෙදෙනා සමග වීමයි. එ සමග ශ්‍රී ලංකාවේ මෙලෙස එකම පුරුශයෙකුට නීත්‍යානුකූලව බිරින්දැවරුන් දෙදෙනෙක් තබා ගැනීම ගැන ගොඩාක් අය ප්‍රශ්ණ කර තිබුනා..ඉතින් එ නිසා අපි එ ගැන හොයා බලන්න තීරණය කරා

සමාජයේ මෙම ඉස්ලාම් විවාහ නීතිරීති සම්බන්ධයෙන් සමාජයේ බහුතරයකට ඇත්තේ තරමක සංකීර්ණ ගැටළු මෙන්ම අසතුටුදායක ආකල්පයන් බව පැවසිය යුතුයි. එලෙසම මුස්ලිම් බහුවිවාහ සංකල්පය ගැන මුස්ලිම් ජනයාටද ඇත්තේ සීමිත දැනුමකි.තවද මුස්ලිම් ජනයා අතරින්ද මෙයට විරුද්ධත්වයක් එල්ල වෙන අතර මේ නීතිය අනුව එක් පුරුෂයෙකුට බිරින්දැවරුන් 4 දෙදෙනෙකු විවාහ විය හැක.

බහු භාර්ය විවාහය හඳුන්වා දුන්නේ කවුද?

මුහම්මද තුමාට ප්‍රථම සමාජයේ බහු විව්වහ සංකල්පය තිබුනු අතර සමහරක් සමාජ සංස්කෘතින් වල බහු පුරුශ විවාහ සිදුවුනු බවට සාක්ෂි ඇත. මෙලෙස තිබූ බහුභාර්ය විවාහය යම් විධිමත් ක්‍රමයකට ගෙන එනු ලැබූයේ ඉස්ලාම් දහම විසිනුයි. ඒ අනුව බහු භාර්ය විවාහය සිදු කළ ඇතැම් මුස්ලිම්වරුන් ඉතිහාසය පුරාවට දැක ගන්න පුළුවන්.

ඉස්ලාමයේ බහු විව්වාහය තියෙන්නේ කොහොමද?

“අනාථයින් පිළිබඳව නුඹලා විසින් යුක්තිගරුකව කටයුතු නොකරනු ඇතැයි නුඹලා බිය වන්නෙහු නම් ස්ත්‍රීන් අතුරින් නුඹලාට ප්‍රියමනාප අය දෙදෙනා තිදෙනා සිව්දෙනා බැගින් විවාහ කර ගනිවු. නුඹලා විසින් සාධාරණය ඉටු නොවනු ඇතැයි නුඹලා බිය වන්නෙහු නම් එක් ස්ත්‍රියක් හෝ නුඹලාගේ දකුණත සතුකර ගත් (වහල්) අය (ප්‍රමාණවත්)ය. එය නුඹලා අසාධාරණකම් නොකිරීමට ඉතා සමීපය.” [අල් කුර්ආනය 4:3]

ඉස්ලාමයේ බහු විවාහ නීතිය පැවතියද එය අනිවාරයෙන් කරයුත්තක් නොවෙයි.මේ හේතුව නිසා වර්තමානයේ බටහිර සංස්කෘතිය සමග බොහෝ මුස්ලිම් තරුණයෝ එක් විවාහයකට පමණක් කිරීමට පෙලඹී ඇත.

බහු විවාහ ඇති වෙන්න හේතුව මොකක්ද ?

යුද්ධ ගැටුම්වලදී අධික වශයෙන් මිය යන්නේ පිරිමීන් බව සියල්ලෝම දන්නා කරුණක්.උදාරහරණයක් වශයෙන් මෙරට පැවිති 30 වසරක යුද්ධයද ලෝකය වශයෙන් ගත් කලිහි  කුරුස යුද්ධ ලෝක යුද්ධ වල මිය ගිය අය ගත හැකි.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ථමානයේ වන විටත්   ඇමෙරිකානු එක්සත් ජනපදයේ පුරුෂයින්ට වඩා ස්ත්‍රීන් මිලියන අටක් ,බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමීන්ට වඩා මිලියන හතරක්,ජර්මනියේ කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමීන්ට වඩා මිලියන පහක් සීටීමද ගත හැකිය.

ඒ අනුව බහුවිවාහය ඉස්ලාම් යෝජනා කරන්නේ ප්‍රධාන හේතූන් බොහෝමයක් මුල්කරගෙනය. ඒ බව මෙම ලිපියේ සඳහන් කරුණු කියවීමේදී බුද්ධිමත් කෙනෙකුට පහසුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here