Home Hit ශ්‍රී පාද විද්‍යාපීඨයේ මුළුතැන්ගෙයට මුද්‍රා තබයි – PHOTOS

ශ්‍රී පාද විද්‍යාපීඨයේ මුළුතැන්ගෙයට මුද්‍රා තබයි – PHOTOS

522
0

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් කොටගල ශ්‍රි පාද විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය තාවකාලිකව වසා දැමීමට අද (05) පියවර ගත් බව කොටගල මහජන සෞඛය පරික්ෂක සෞන්දර් රාගවන් පවසනවා.

එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභින් විසින් තමන්ට ලබාදෙන ආහාර පිරිසිදු නොවන බවත්, මුළුතැන්ගෙය අපිරිසිදුව පවත්වාගෙන යන බවටත් මහජන සෞඛය පරික්ෂකවරයාට ලබාදුන් පැමිණිල්ලක් මත කොටගල සෞඛ්‍ය වෛද්‍යය අධිකාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛය පරික්ෂකවරයා අද පස්වරුවේ එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය පරික්ෂාවට ලක් කරනු ලැබුවා.

මුළුතැන්ගෙය මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස ඉතා අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන යාම හේතුවෙන් මුළුතැන්ගෙය පිරිසිදුව පවත්වාගෙන යාමට යලිත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ නිර්දේශයක් ලබාගෙන එය විවෘත කල හැකි බවයි මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් කියා සිටියේ.

එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් පවත්වාගෙන යන අතර මීට ප්‍රථම ද එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය අපිරිසිදුව පවත්වාගෙන යාම පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අවවාද කර තිබෙනවා.

එම අධ්‍යාපන විද්‍යාපිඨය තුළ ගුරු අභ්‍යාසලාභින් 400ක් පමණ නේවාසිකව අධ්‍යාපනය ලබනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here